Application for the Admission to G.C.E. Advanced Level Class – 2020/2022

2020/2022 උසස් පෙළ සදහා ආනන්ද විද්‍යාලයට ඇතුලත් වීමට බලාපොරොත්තු වන අයදුම්කරුවන් සදහා සිදුකරන විශේෂ නිවේදනයයි

අයදුම්කිරීම සදහා පහත සදහන් ක්‍රම දෙකෙන් එක් ක්‍රමයක් භාවිතා කල හැක.

1. ලියාපදිංචි තැපෑල මගින්

නිවැරදිව සම්පූර්ණ කරන ලද ඔබගේ අයදුම්පත්‍රය තමා ඉගෙන ගත් පාසලේ විදුහල්පතිතුමා විසින් සහතික කර, සියළු සුදුසුකම් ඔප්පු කළ හැකි ලියකියවිලි වල ඡායා පිටපත් හා 2018 /2019 වර්ෂවල ජයග්‍රහණවලට අදාල සහතික පත්වල ඡායා පිටපත් සමග විදුහල්පති, ආනන්ද විද්‍යාලය, කොළඹ 10 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.

කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ පාසල් දෙවන වාරය සදහා ආරම්භවන දින සිට දින 10ක කාලයක් දක්වා අයදුම්පත් භාරගනු ලැබේ. එහිදී නීත්‍යානුකූලව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලබන්නේ මෙම දින 10ක කාලය දක්වා අයදුම් පත්එවන ලද හා මූලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණි.

පාසලේ ඒ ඒ විෂය මාලාවන් සදහා පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව හා මින් පෙර වර්ෂවල මේ සදහා ලැබුණු අයදුම්පත් සලකා බලා මෙහි දැක්වෙන අවම සුදුසුකම් විද්‍යාලයීය කළමනාකාරීත්වය විසින් තීරණය කර ඇත. නමුදු, මෙම වර්ෂයේ ලැබෙන අයදුම් පත්‍ර සංඛ්‍යාව හා විද්‍යාලයේ අභ්‍යන්තර සිසුන් ඇතුළත් කර ගැනීමෙන් පසු ඉතිරි පුරප්පාඩු පිරවීම සදහා මීට වඩා අඩු සුදුසුකම් ලැබූ අයවලුන් පිළිබදව ද සලකා බැලෙන බැවින් ඔවුන් විසින් අයදුම්පත්‍ර මෙම වෙබ් අඩවියෙන් බාගත කර ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු වේ. එහෙත් මාර්ගගත ක්‍රමයට අයදුම් කිරීමට අවස්ථාව ලැබෙනුයේ මෙම අවම සුදුසුකම් සපුරා ඇති අයට පමණි.

අයදුම් පත්‍රය ලබා ගන්න.

2. මාර්ගගත ක්‍රමය ( Online Apply )

මාර්ග ගත ක්‍රමය ( Online ) මගින් අයදුම් කරන්නන් හට තමා විසින් මෙම වෙබ් අඩවියේ සම්පූර්ණ කරනලද අයදුම්පතෙහි පිටපතක් අයදුම් කිරීමේදී ලබාදෙන විද්‍යුත් තැපැල් ලිපිනයට ( e-mail ) ලැබෙනු ඇත. එසේ ලැබෙන අයදුම්පත මුද්‍රණය කර, තමා ඉගෙන ගත් පාසලේ විදුහල්පතිතුමා විසින් සහතික කල යුතුය. එසේ සහතික කරන ලද අයදුම්පත සමග අදාල සියළු සුදුසුකම් ඔප්පු කළ හැකි ලියකියවිලි සමග ආනන්ද විද්‍යාලය මගින් සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලබන දිනට රැගෙන ආ යුතුය.

2020.05.05 දින සිට කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ පාසල් දෙවන වාරය සදහා ආරම්භවන දිනයේ සිට දින 10ක කාලයක් දක්වා අයදුම්පත් මාර්ගගත ක්‍රමයට (Online) භාරගනු ලැබේ.

එහිදී නීත්‍යානුකූලව සම්මුඛ පරීක්ෂණ සදහා කැඳවනු ලබන්නේ ඉහත සදහන් කාලයතුල මාර්ග ගත ක්‍රමයට (Online) අයදුම්පත් එවන ලද හා මූලික සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන් පමණි.

Special Notice for All the Candidates who seek admission for G.C.E.Advanced Level Classes for the academic year 2020/2022 at Ananda College, Colombo 10.

There are two ways to apply as follows.

1. Send Application via Registered Post

Duly completed application forms should be sent along with the photocopies of relevant documents and the certificates of achievements only during 2018 and 2019 to prove eligibility for the selection process by registered post to “The Principal, Ananda College, Colombo 10” ,. The applications will be accepted only until the 10th day from the date of the commencement of government schools for the second term in the Colombo District inclusive of the particular day itself.

The minimum required qualifications mentioned here have been fixed by the school administration after considering the available vacancies for each subject stream and the applications received in previous years. However, as there might be the possibility of considering for admission of less qualified students than this, depending on the number of applications received this year and the available vacancies after the admission of internal students, they should apply by registered post duly filling the application which is downloaded from this website. However, the online applications can only be produced by the candidates who fulfill the minimum qualifications required.


Download the Application form from here

2. Apply Online

Online applicants have to fill the Online Application from this web portal. Once the application filled and submitted online, applicant will receive a copy of filled application form to the given email address by the applicant when applying. Applicants have to get this received form printed and signed by the principal of his present school. This signed application and the photocopies of relevant documents along with certificates of achievements only during 2018 and 2019 to prove eligibility for the selection process need to be brought for the interview when it is called upon.

The interviews will be called only for the candidates who send their applications within the aforementioned time duration and also upon the fulfillment of the basic qualifications.

Bio/Maths

ජීව විද්‍යාව / ගණිතය විෂයය ධාරාව සඳහා

විද්‍යාව සහ ගණිතය සමග A සමර්ථ 7 ක් හෝ ඊට වැඩි

Commerce

වානිජ්‍ය විෂයය ධාරාව සඳහා

ගණිතය සහ සිංහල විෂයයන්ට C සමර්ථ සමග A සමර්ථ 5 ක් හෝ ඊට වැඩි

Tech

තාක්ෂණය විෂයය ධාරාව සඳහා

ගණිතය, විද්‍යාව සහ සිංහල විෂයයන්ට C සමර්ථ සමග A සමර්ථ 5 ක් හෝ ඊට වැඩි

Art

කලා විෂයය ධාරාව සඳහා

ගණිතය සහ සිංහල විෂයයන්ට S සාමාර්ථ සමග A සමර්ථ 4 ක් හෝ ඊට වැඩි

Enter your NIC number to apply online

support@anandacollege.edu.lk